අල්ලස් ගත් පී.සී වසර 8කට හිරේ


(රෝෂන් තුෂාර)

වැලි  ටිපර්  රථ රියදුරෙකුගෙන් රුපියල් 2000ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකර වූ පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයාට වසර 08ක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියම කළේය.

 චෝදනා හතරට රුපියල් 5000 බැගින් රුපියල් විසි දහසක දඩයක්ද  අගතියටපත් පැමිණිලිකාර ටිපර් රථ රියදුරට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට නියම කළේය.

අදාල දඬුවම් කාලය තුළදී චූදිතගේ ඡන්ද අයිතිය අහෝසි  කිරීමටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ත් නියෝග කළේය.

 වසර අටක සිර දඬුවම වසර හතරකින් එකවර ගෙවි යන පරිදි නියම කරන බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අල්ලස් කොමිසම ගොනු කළ පැමිණිල්ලක් ප්‍රකාරව දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.